Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

02nd February 2026 12:33:58 Hours

6 (ස්වේ) ඉසේරෙ භට පිරිස් විසින් කොළඹ 10, නාලන්දා විද්‍යාලයේ “ධර්මා ගුණසිංහ මන්දිරය” ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කරයි

නාලන්දා විද්‍යාලය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ 6 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස්හි ශ්‍රම දායකත්වය තුළින් නාලන්දා විද්‍යාලයේ 90’ x 34’ ප්‍රමාණයේ සිව් මහල් “ධර්මා ගුණසිංහ මන්දිරය” තාක්ෂණික විද්‍යාගාර ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2024 ඔක්තෝබර් මස 08 වන දින ආරම්භ කර 2025 දෙසැම්බර් මස 31 වන දින සාර්ථකව අවසන් කරන ලද අතර, 2026 ජනවාරි මස 26 වන දින ගරු අගමැති තුමියගේ සුරතින් විවෘත්ත කර සිසුන් වෙත භාර කරන ලදී.