29th December 2025 22:32:04 Hours
ඉංජිනේරු සේවා බලකායේ 76 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද ක්‍රිස්තියානි දේව මෙහෙය 2025 දෙසැම්බර් 29 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් පාලන හා භකාස බ්‍රිගේඩියර් එම්එන්ජේ පෙරේරා, ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම් එස් ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී, ඉංජිනේරු සේවා බලකා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එන්එන් අබේසේකර, මාණ්ඩලික නිලධාරී 1 (පාලන) ලුතිනන් කර්නල් ඩබ්ලිව්එන් මංජුල සහ ඉංජිනේරු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.
ශුද්ධ වූ දේව මෙහෙය මෙහෙයවන ලද්දේ හෝමාගම ශාන්ත මයිකල් දේවස්ථානයේ පූජක තිළිණ සමිත් ගරු පියතුමා විසිනි. ආගමික වතාවත් මෙම අවස්ථාවට අධ්‍යාත්මික වැදගත්කමක් එක් කළ අතර, එහි මූලික වටිනාකම්, ඇදහිල්ල සහ දිගුකාලීන සම්ප්‍රදායන් කෙරෙහි බලකායේ කැපවීම අවධාරණය කලේය.
එවැනි අනුස්මරණ සේවාවන් බලකාය තුළ එකමුතුකම, විනය සහ සහෝදරත්වය ශක්තිමත් කිරීම නොනවත්වා සිදු කරගෙන යන අතරම, ඉංජිනේරු සේවා බලකාය අඛණ්ඩව ප්‍රගතියක් ලබා ඇති ශක්තිමත් පදනම පිළිබඳ මතක් කිරීමක් ලෙස සනිටුහන් කරයි.