Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

20th December 2025 01:09:23 Hours

සියලුම බළකා සාමාජිකයින්ට ආශිර්වාද පතා ඉංජිනේරු සේවා බලකාය ඉස්ලාමීය ආගමික වතාවත් පවත්වයි

ඉංජිනේරු සේවා බළකායේ 76 වන සංවත්සරයට සමගාමීව, බළකා සාමාජිකයින්ට උපහාර දැක්වීම, ධජවලට ගෞරව කිරීම සහ මියගිය රණවිරුවන් සිහිපත් කිරීම සඳහා ඉස්ලාමීය ආගමික උත්සවයක් සංවිධානය කරන ලදී. මෙම උත්සවය 2025 දෙසැම්බර් 18 වන දින හංවැල්ල ජුම්මා මස්ජිඩ් පල්ලියෙහිදී පැවැත්විණි.

මෙම උත්සවය සඳහා මේජර් එස් එන් පී සමරසිංහ ඉසේබ සහ කපිතන් (උපා) ආර් එම් එච් බීරත්නායක ඉසේබ, බලකා සැරයන් මේජර් ඇතුලු සෙසු නිලයින් සහභාගී වූ අතර, බළකායේ අඛණ්ඩ සාර්ථකත්වය සහ සමෘද්ධිය සඳහා දිව්‍ය ආශිර්වාදය ලබා ගැනීමට භක්තියෙන් සැවොම සහභාගී විය.