19th December 2025 01:04:28 Hours
ඉංජිනේරු සේවා බලකා 76 වන සංවත්සර සැමරුමට සමගාමීව, ඉංජිනේරු සේවා බළකාය විසින් බළකායේ සියලුම සාමාජිකයින්ට ආශිර්වාද පතා බහු ආගමික වතාවත් පවත්වන ලදී. හින්දු ආගමික වතාවත් 2025 දෙසැම්බර් 16 වන දින වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේදී පැවැත්විණි.
ලුතිනන් කර්නල් කේ ටී එම් ධර්මවර්ධන ඉසේබ, මේජර් කේ අනෝජන් ඉසේබ, බලකා සැරයන් මේජර් ඇතුලු සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.