18th December 2025 00:59:03 Hours
ශ්‍රී ලංකා හමුදාවේ විශිෂ්ටත්වයේ 76 වන වසර සමරමින් ඉංජිනේරු සේවා බලකාය එහි 76 වන සංවත්සරය සමරයි. මෙම සන්ධිස්ථානය කැලණිය රජමහා විහාරස්ථානයේ දී පූජනීය ධජ ආශිර්වාදයෙන් ආරම්භ විය. යාපනය ආරක්ෂක සේනා ආඥාපති හා ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ ඒ එන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී, යුද්ධ හමුදා මූලස්ථානයේ කළමණාකරන හා නඩත්තු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එන් ඩබ්ලිව් පී එස් එම් පෙරේරා, නිලධාරීන් ඇතුලු සෙසු නිලයින් දිව්‍ය මඟ පෙන්වීම සහ අනාගත සමෘද්ධිය සඳහා යාඥා කළහ.
ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී, ඉංජිනේරු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම උත්කර්ෂවත් අවස්ථාවට එක්වෙමින් බලකායේ අඛණ්ඩ සාර්ථකත්වය සඳහා ආශිර්වාද ලබා ගත්හ.