Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

18th November 2025 11:43:07 Hours

ඉංජිනේරු සේවා බළකායේ නව මධ්‍යස්ථාන සේනාවිධායක හමුදා ගෞරව සහිතව පිළිගනී

බ්‍රිගේඩියර් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී ඉංජිනේරු සේවා බළකා 26 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස 2025 නොවැම්බර් 17 වන දින ඉංජිනේරු සේවා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, නව මධ්‍යස්ථාන සේනාවිධායක වෙත කඳවුරු සම්මාන මුරයක් සහ උත්සව පෙළපාලියක් පිරිනමන ලදී. ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් කිරීමෙන් බ්‍රිගේඩියර් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලදී.