03rd November 2025 18:14:08 Hours
ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක 2025 ඔක්තෝබර් 31 වන දින කිලිනොච්චියේ 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට පැමිණියේය.
ඉංජිනේරු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන් ඩබ්ලිව් පී එස් එම් පෙරේරා 2025 ඔක්තෝබර් 31 වන දින කිලිනොච්චියේ 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක් සහ පරිපාලන පරීක්ෂණයක් සිදු කරන ලදී. මෙම සංචාරයේ අරමුණ වූයේ රෙජිමේන්තුවේ පරිපාලන කටයුතු සහ භටයින්ගේ සමස්ත සුභසාධනය සමාලෝචනය කිරීමයි.
පාලන පරීක්ෂණය අතරතුර, මධ්‍යස්ථාන සේනාවිධායක ලිපි ලේඛණ, නවාතැන් පහසුකම්, සැපයුම් විධිවිධාන සහ ඒකක පරිපාලනයේ අනෙකුත් අත්‍යවශ්‍ය අංශ පරීක්ෂා කළේය. නිලධාරීන්ගේ සහ සොල්දාදුවන්ගේ සංවර්ධනය පිළිබඳ මග පෙන්වීමක් ලබා දුන් ඔහු ඒකකයේ ප්‍රගතිය අගය කළේය.