13th September 2025 14:05:00 Hours
ඉංජිනේරු සේවා බලකායේ ‘‘ඉංජිනේරු සේවා බලකා ක‍්‍රීඩා විශිෂ්ඨත්වයට ගෞරව කිරීම වර්ණ රාත‍්‍රිය“ 2025 සැප්තැම්බර් මස 08 වන දින පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අභිමානවත් ලෙස පැවැත්විණි. අන්තර් රෙජිමේන්තු තර`ගාවලී ආරක්ෂක සේවා තර`ග මෙන්ම ජාතික හා ජාත්‍යන්තර ක‍්‍ර’ඩා ඇතුලූ විවිධ මට්ටම්වල කැපී පෙනෙන දස්කම් දැක්වූ ඉසේබ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙම උත්සවයේදී හ`දුනාගෙන ඔවුන් හට ගෞරව කරන ලදී.
එහිදී ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් 104 දෙනෙකුට ඔවුන්ගේ දක්ෂතා සහ කුසලතාවයන්ට අමතරව ඔවුන් බලකායට ගෙනෙන ඉමහත් කීර්තිය ඇගයීම පෙරටු කර රෙජිමේන්තු වර්ණ සහ සහතික පත‍්‍ර ප‍්‍රධානය කරන ලදී. මෙම ඇගයීම බලකාය තුල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ අඛණ්ඩ විශිෂ්ඨත්වය ඔප්නැංවීමද අරමුණු කරයි.
මෙම සන්ධ්‍යාවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේඒඑන් රසික කුමාර එන්ඞීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගී වූ අතර, ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක බි‍්‍රගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහ ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධයක බි‍්‍රගේඩියර් එන්ඩබ්පීඑස්එම් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුළුව අනිකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිළධාරිනියන් සහ බලකායේ අභිමානවත් ක‍්‍රීඩකයින්ද මේ සඳහා සහභාගී වූහ.