14th August 2025 12:11:24 Hours
ඉංජිනේරු සේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන් ඩබ්ලිව් පී එස් එම් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2025 අගෝස්තු මස 06 වන දින 8 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ පාලන පරීක්ෂණය සදහා සහභාගි වන ලදී.
පාලන පරීක්ෂණය අතරතුර, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් 8 (ස්වේ) ඉසේරෙ ඒකකයේ නවතමයෙන් ඉදිකරන ලද සෙසුනිල මුළුතැන්ගෙය විවෘත කිරීම සදහා සහභාගි වූ අතර ඒකකයේ විධිමත් සංචාරයක් සිදු කර අවශ්‍ය යටිතල පහසුකම් හා සුභසාධක පහසුකම් පිලිබද පරීක්ෂා කරන ලදී. එහිදී නිලධාරී හා සෙසුනිල ප්‍රගමනය පිලිබද උපදෙස් ලබාදුන් අතර, ඒකකයේ වර්තමාන ක්‍රියාකාරිත්වය ඇගයීමට ලක් කරන ලදී.