Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

07th July 2025 13:45:00 Hours

7(ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සත්කාරකත්වය දරන තෑගි වවුචර් බෙදා හැරීමේ වැඩසටහන

එහි සංවත්සර සැමරුමට සමගාමීව, 7(ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 2025 ජූලි 05 වන දින අතුරුගිරියේ පිහිටි ඒකක පරිශ්‍රයේදී තෑගි වවුචර් බෙදා හැරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම මුලපිරීම රෙජිමේන්තුවේ සේවය කරන සොල්දාදුවන්ගේ සහ සිවිල් සේවකයින්ගේ දරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට සහාය වීම අරමුණු කර ගෙන ඇත. මෙම උත්සවය අතරතුර සේවයේ නියුතු පුද්ගලයින්ගේ පවුල්වලින් තෝරාගත් දරුවන් 22 දෙනෙකුට තෑගි වවුචර් ලැබුණි.

ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපිතිණි අනුපමා රත්නායක මැතිණියගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ 7(ස්වේච්ඡා) ඉසේරෙ හි අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව් සී පෙරේරා යූඑස්පී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි අනුපමා රත්නායක මැතිණිය සහභාගී වූවාය. ඇය සමඟ ඉසේබ සේවා වනිතා ශාඛාවෙ හි උප සභාපතිණි අරුණි චන්ද්‍රසේකර මැතිණිය සහ ඉසේබ සේවා වනිතා ශාඛාවෙහි අනෙකුත් සාමාජිකාවන් ද සහභාගී වූහ.