Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

11th July 2025 13:04:00 Hours

සෙල්ල කතරගම අසරණ පවුලක් සඳහා 10(ස්වේ) ඉසේරෙ වෙතින් නව නිවසක් ඉදිකරයි

10(සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වෘත්තිය භඨ පිරිස් යොදවා අංක 153, රජමාවත, සෙල්ල කතරගම යන ලිපිනයේ ඉදිකරන ලද නිවසේ ඉදිකිරීම් කටයුතු 2025.04.16 දින ආරම්භ කර 2025.07.10 වන දින අවසන්කර නිල වශයෙන් භාරදෙනු ලැබීය. ඒ සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ් එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම සහ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ 10(සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වෘත්තීය භඨ පිරිස් යොදවා වෙල්ලස්සේ මනුස්සකම සාමාජ සත්කාරක පදනම අනුග්‍රහයෙන් වෙල්ලස්ස ටීවී සොඳුරු නිවාස දහස ව්‍යාපෘතිය යටතේ මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.