Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

22nd May 2025 19:19:00 Hours

ඉංජිනේරු සේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක 12 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට පැමිණෙයි

ඉංජිනේරු සේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්ඩබ්පීඑස්එම් පෙරේරා 2025 මැයි 21 වන දින කඹුරුපිටියේ පිහිටි 12 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ පාලන කටයුතු පරීක්ෂා කිරීම සඳහා එම රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.

පැමිණි, මධ්‍යස්ථාන සේනාවිධායක 12 (ස්වේච්ඡා) ඉසේරෙ හි වැ.බ. අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්එල් චමින්ද ඉසේබ විසින් උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා විනය ප්‍රදර්ශනය කරමින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

වැඩසටහනට සමගාමීව, මධ්‍යස්ථාන සේනාවිධායක පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ අතර, ඔහුගේ සංචාරය සනිටුහන් කිරීම සඳහා ඒකකයේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

ඉන්පසු මධ්‍යස්ථාන සේනාවිධායක කඳවුරු සංචාරයක් සිදු කර ඒකකයේ පරිපාලන කටයුතු පරීක්ෂා කළේය. මධ්‍යස්ථාන සේනාවිධායක 12 (ස්වේච්ඡා) ඉසේරෙ හි නිලධාරීන් සහ පරිපාලන කාර්ය මණ්ඩලය අමතමින් ඒකකයේ පරිපාලන කටයුතු ඉස්මතු කළේය.

මෙම වැදගත් අවස්ථාව මගින් රෙජිමේන්තුවේ වෘත්තීයභාවය, කැපවීම සහ ශ්‍රී ලංකා හමුදාවේ වැදගත් කාර්යභාරය ඉස්මතු කරන ලද අතර ඒකකය තුළ ඇති බැඳීම් තවදුරටත් ශක්තිමත් කරන ලදී.

ඉංජිනේරු සේවා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් මෙම සංචාරයට සහභාගී වූහ.