12th March 2025 14:08:00 Hours
මේජර් අයිඑන්එම් පෙරේරා ඉසේබ 2025 මාර්තු 11 වන දින පානදුර 4 (ස්වේ) ඉසේරෙ මූලස්ථානයේදී 4 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිණිය ලෙස වැඩ භාර ගන්නා ලදී.
ඇය පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 2010-1 සෘජු බඳවා ගැනීමේ කපිතන්වරියක් ලෙස 2010 වර්ෂයේදී ශ්‍රී ලංකා හමුදාවට බැඳෙන ලදී.
මෙම පත්වීමට පෙර ඇය ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ (යුධ හමුදා රෝහල් ව්‍යාපෘතිය නාරාහේන්පිට) ගෘහ නිර්මාණ ශිල්පිනිය ලෙස කටයුතු කර ඇත. ඇය 4(ස්වේ) ඉසේරෙ සහ 8(ස්වේ) ඉසේරෙ හි ව්‍යාපෘති ගෘහ නිර්මාණ ශිල්පිණිය ලෙසත්, 8(ස්වේ) ඉසේරෙ හි 81 බලඝණයේ නිලධාරි අණදෙන ලෙසත්, 8(ස්වේ) ඉසේරෙ හි දෙවන මාණ්ඩලික නිලධාරිනිය ලෙසත්, 8(ස්වේ) ඉසේරෙ හි දෙවන අණදෙන නිලධාරිනිය ලෙසත් බොහෝ තනතුරු දැරුවාය.