Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

12th March 2025 10:07:00 Hours

1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස මේජර් එච්එම්එස්ජේ බණ්ඩාර ඉසේබ රාජකාරි භාර ගත්තේය

මේජර් එච්එම්එස්ජේ බණ්ඩාර ඉසේබ 2025 මාර්තු 10 වන දින පනාගොඩ 1 ඉසේරෙ මූලස්ථානයේදී 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස වැඩ භාර ගත්තේය.

ඔහු කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 2010 වර්ෂයේදී ශ්‍රී ලංකා හමුදාවට බැඳෙබ ලදී.

මෙම පත්වීමට පෙර ඔහු 2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරක් දරා ඇත. ඔහු විසින් දරන ලද අනෙකුත් ප්‍රධාන පත්වීම් අතරට 3 ESR හි ගැරිසන් ඉංජිනේරු (මන්), 11 ඉසේබ (පනා), නිඅ මුබ - 1 ඉසේරෙ, දෙවන අණදෙන නිලධාරි 3 ඉසේරෙ, දෙවන අණදෙන නිලධාරී 5 ඉසේරෙ සහ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී I (සැලසුම්) ඇතුළත් වේ.

මේජර් සුමේද බණ්ඩාර, ඉංදියාවේ ඉංජිනේරු නිලධාරි ක්‍රියා පිළිවෙත පාඨමාලාව සහ චීනයේ හමුදා ඉංජිනේරු සේවා පාඨමාලාව හදාරා ඇත.