10th March 2025 14:39:00 Hours
ලුතිනන් කර්නල් කේඩීඑස් ලංකාතිලක පීඑස්සී ඉසේබ 2025 මාර්තු 07 වන දින අනුරාධපුර 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස වැඩ භාර ගන්නා ලදී.
ඔහු කුරුණෑගල මලියදේව විද්‍යායෙන් අධ්‍යාපනය ලබා 2000 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 18 වන බඳවා ගැනීමේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා හමුදාවට බඳවා ගන්නා ලදී.
මෙම පත්වීමට පෙර ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ සහකාර ලේකම් තනතුරක් දරා ඇත. ඔහු දැරූ අනෙකුත් ප්‍රධාන පත්වීම් අතරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී I (මාධ්‍ය), ආරක්ෂක ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී II, ආරක්ෂක ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී I, ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ දෙවන අණදෙන නිලධාරී, ප්‍රධාන උපදේශක, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ බලඝණ අණදෙන නිලධාරී, විධායක අධිකාරි යන තනතුරු ඇතුළත් වේ.
ඔහු මාණ්ඩලික විද්‍යාල පාඨමාලාව සමත් වීම, ඉන්දියාවේ ඉංජිනේරු නිලධාරීන්ගේ උපාධි ඉංජිනේරු පාඨමාලාව සහ එංගලන්තයේ උසස් මාණ්ඩලික සහ අණදෙන පාඨමාලාව හදාරා ඇත.