05th March 2025 14:59:00 Hours
7(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් 2025 මාර්තු 04 වන දින 7 (ස්වේ) ඉසේරෙ ශ්‍රවණාගාරයේදී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනයක් පවත්වන ලදී.
කොළඹ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ මත්ද්‍රව්‍ය නිවාරණ අධ්‍යාපන හා තොරතුරු නිලධාරී දුල්ෂානි තාරකා මහත්මිය විසින් දේශනය මෙහෙයවන ලදී.
කොළඹ අංශයේ පුනරුත්ථාපන නිලධාරි, විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඩබ්ලිව්ඒඑන්ඩී ජයසුන්දර, 7 (ස්වේ) ඉසේරෙ හි අණදෙන නිලධාරිණි මේජර් ඩබ්ලිව්සී පෙරේරා යූඑස්පී ඉසේබ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් දේශනය සඳහා සහභාගී විය.