Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

11th February 2025 15:12:00 Hours

අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා බ්‍රිගේඩියර් වයි කේ එස් රංගික පීඑස්සී පිටීඑස්සී ඡ්‍යෙෂ්ඨ නිලධාරී 8 2 ව්‍යාපෘති බළඝණය - බුල්නෑව කඳවුරේ සිදුකල සංචාරය

ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් වයි කේ එස් රංගික පීඑස්සී පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 පෙබරවාරි මස 08 දින යුද්ධ හමුදා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ 2024.12.31 යටපත් කරන ලද 15 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව මේ වන විට 8 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව යටතේ 8 2 ව්‍යාපෘති බළඝණය නමින් බුල්නෑව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද කදවුරේ නිල සංචාරයක් සදහා සහභාගි වන ලදී.

ජ්‍යෙෂ්ඨ නිලධාරී ගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් පසුකර යාමේ ආචාර මුරය (Drive Pass) පිරිනමන ලද අතර ඉන් අනතුරුව 15 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස් බි ටී පී ද සිල්වා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදී.

ඉන්පසු ඉසේඅ ඇතුළු ඉසේඅම වෙතින් පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ ජ්‍යෙෂ්ඨ නිලධාරීනීන් හට අණදෙන දෙන නිලධාරී කාර්යාලයේදී යටපත් කරන ලද 15 (ස්වේ) ඉසේරෙ ඒකකය වෙතින් සිදුකරන ලද ව්‍යාපෘති සබැදිව පරිගණක ඉදිරිපත් කිරීමක් (Presentation) සිදුකරන ලද අතර, ඉන් අනතුරුව සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරිණීන් හා නිලධාරීන් සමූහ ඡායාරුපය සදහා පෙනී සිටිම, ඒකක සංචාරය සිහිවීම පිණිස කඳවුරු භූමියේ අඹ පැලයක් රෝපණය කිරීම, යටපත් කරන ලද 15 (ස්වේ) ඉසේරෙ ඒකකයේ අතීත මතක සටහන් සමරනු වස් ඉදිකරන ලද කෞතුකාගාරය විවෘත කිරීම, සියළු භඨ පිරිස් ඇමතීම, කදවුරු සංචාරය සිදුකිරීම හා බලළත් නිලධාරි හා සැරයන් නිවස්නයේ සමාජිකයින් සමග සුහද පිලිසදරක යෙදෙන ලදී.

මෙම සංචාරය සදහා ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ඉංජිනේරු සේවා (සැලසුම් සහ නිර්මාණ) කර්නල් එන් එන් අබේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුළු ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් පැමිණි මාණ්ඩලික නිලධාරීන් මෙම ඒකක සංචාරය සදහා සහභාගී වන ලදි.