Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

26th November 2024 12:26:23 Hours

යුධ හමුදා අන්තර් රෙජිමේන්තු කබඩි ශූරතාවය - 2024

යුද හමුදා අන්තර් රෙජිමේන්තු කබඩි ශූරතාවලිය 2024 නොවැම්බර් 22 දින පනාගොඩ යුධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී අවසන් විය.

රෙජිමේන්තු 12ක ක්‍රීඩකයින් තරඟාවලියේදී ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කළහ.

ඉන්ජිනේරු සේවා බළකා කණ්ඩායම, සමීප තරගකාරී හමුවීම් මාලාවකින් පසුව, නවක පිරිමි කණ්ඩායම් ශූරතාවලියේ ශූරයන් බවට පත් විය. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් අනුශූරතාවයට හිමිකම් කියූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය දෙවන අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.

සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කබඩි කමිටුවේ සභාපති, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් ඒ එම් කේ ජී පී එස් කේ අබේසිංහ සහභාගී විය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී විය.

ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් වයි කේ එස් රංගික පීඑස්සී පීටීඑස්සී සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන් ඩබ්ලිව් පී එස් එම් පෙරේරා විසින් ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණ අගය කළහ.

ඉසේබ කණ්ඩායම -

සෙ/752763 	සැරයන් 	වනසිංහ ඩබ් පී අයි පී
සෙ/7එස්00570 	සැරයන් 	ධනුෂ්ක ජී එම් ටී
සෙ/7එස්01027 	කෝප්‍රල් 	චරිත ආර් කේ ඒ 
සෙ/752981 	ලා/කෝ	වින්දන එච් ඒ ඒ පී
සෙ/7එස්00987 	ලා/කෝ	ලසිත් නිර්මාල් ජී එම්
සෙ/10එස්00557 ලා/කෝ	ලක්මාල් ඩබ් ආර් යූ
සෙ/එස්106122 	ලා/කෝ	මදුශංඛ ඒ අයි 
සෙ/එස්106177 	ලා/කෝ	කුමාර කේ ඩී එම් පී 
සෙ/755606 	ඉසෙ	කෞෂල්‍ය එස් පී සී 

කණ්ඩායම් පුහුණුකරු - සෙ/7එස්00693 සැරයන් බණ්ඩාර ඊ එම් ඒ එස්