26th November 2024 12:12:57 Hours
ඩී.එස්.එච් අනුර ප්‍රියචන්දන යන සිවිල් සේවක මහතා 1992.10.28 දින සිට භෝජනාගාර සේවා සහයක තනතුර සදහා සිවිල් පරිපාලන අධ්‍යකෂක මණ්ඩලය වෙත බඳවාගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත අනියුක්තව රාජකාරි කර 2015.03.15 වන දින සිට අඛණ්ඩව වසර 10 ට ආසන්න කාලසීමාවක් 10 (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත ඉතා සුවිශේෂ සේවාවක් ඉටුකිරීමෙන් අනතුරුව 2024.11.25 වන දින විශ්‍රාම පුර්ව නිවාඩු ලබා යන තෙක් මෙම කඳවුරේ සේවයේ යෙදී සිටි අයෙකු වන අතර, ඔහුගේ වසර 30 කට අධික අඛණ්ඩ සේවා කාලය තුල 3 වන සන්නාහ සන්නද්ධ බලකාය - අනුරාධපුරය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානය - කොම්පඥ්ඥ වීදිය, 23 වන සේනාංක මුලස්ථානය - වැලිකන්ද, 10 වන ගැමුණු හේවා බලකාය - කිලාලි - යාපනය, 17 වන සිංහ රෙජිමේන්තුව - යාල වැනි දිවයිනේ ක්‍රියාන්විත හා ක්‍රියාන්විත නොවන ප්‍රදේශ රැසක රාජකාරි සිදුකර ඇති අතර, ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් උතුරු මානුෂීය මෙහෙයුම හා නැගෙනහිර මානුෂීය මෙහෙයුම යන පදක්කම් වලින්ද පිදුම් ලබා ඇත.
10(ස්වේ) ඉසේරෙ අණදෙන නිළධාරී, මේජර් ආර් පී ඒ රෝහණ යූඑස්පී එල්එස්සී ගේ ගෞරවනීය මගපෙන්වීම යටතේ ඩී.එස්.එච් අනුර ප්‍රියන්ත මහතා විසින් රෙජිමේන්තු සහ ශ්‍රී ලංකා යුධ හමුදාව වෙනුවෙන් කරන ලද කැපවූ සේවයට කෘතවේදීත්වය දැක්වීම සඳහා හෘදයාංගම සමුගැනීමේ උත්සවයක් සංවිධානය කර ඇත.
10(ස්වේ) ඉසේරෙ විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් හා අනෙකුත් අයවළුන් අතර බැඳීම ශක්තිමත් කළ ආදර්ශවත් ක්‍රියාවක් විය.