Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

18th September 2024 09:43:51 Hours

10(ස්වේ) ඉසේරෙ භට පිරිස් ලුණුගම්වෙහෙර විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදිකරන ලදී.

10(ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වෘත්තීය භඨ පිරිස් ලුණුගම්වෙහෙර ශ්‍රී රත්නාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් 2024 සැප්තැම්බර් මස 13 වන දින අවසන් කර, නිල වශයෙන් විහාරස්ථානය වෙත භාර දෙනු ලැබීය. යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මග පෙන්වීම සහ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ 10(ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වෘත්තීය භඨ පිරිස් විසින් ලුණුගම්වෙහෙර ශ්‍රී රත්නාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීම් ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය. (වටිනාකම රු. මිලියන 9.0)