26th August 2024 15:36:08 Hours
ඉංජිනේරු සේවා බලකාය විසින් 2024 අගෝස්තු 26 දින යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත ඉංජිනේරු සේවා බලකායට, ශ්‍රී ලංකා යුද හමුදාවට සහ ජාතියට වසර 34ක ආදර්ශමත් සහ කීර්තිමත් සේවයක් කල ආරක්ෂක සේනා මූලස්ථාන (යාපනය) හි බ්‍රිගේඩියර් (පාලන හා භකාස) බ්‍රිගේඩියර් කේ විරසිංහ යූඑස්පී වෙත සමුදෙන ලදී.
පැමිණීමත් සමඟ ඉංජිනේරු සේවා බළකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන පිවිසුමෙහි දී මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ බ්‍රිගේඩියර් කේ ඒල් මුණසිංහ යූඑස්පී විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. කඳවුරු සම්මාන මුරය පිළිගැනීමෙන් පසු ඔහු මියගිය රණවිරුවන් වෙනුවෙන් ඉසේබ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිහට ඔහුගේ විශිෂ්ඨ සේවයට උපහාරයක් ලෙස වර්ණවත් සම්මාන පෙළපාලියක් හිමි විය. ඉන් අනතුරුව නිලධාරි සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.
ඉන් පසු ඔහු සියලු නිලයන්ගේ තේ පැන් සංග්‍රහයට සහභාගී වූ අතර සහභාගී වූ නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සිය අදහස් ඒහිදී බෙදා ගත්තේය. ජ්‍යෙෂ්ඨ නිලධාරියායෙකු ලෙස ඉංජිනේරු සේවා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් පිටත්ව යාමට පෙර බ්‍රිගේඩියර් කේ විරසිංහ යූඑස්පී වෙත නිලධාරින් සහ සෙසු නිලයින් විසින් “ජය ශ්‍රී” කියමින් සමුදෙමින් උත්සවය අවසන් විය.