Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

22nd August 2024 20:11:23 Hours

ඉසේබ සේවා වනිතා ශාඛාව, පැමිණෙන සභාපතිණිය සාදරයෙන් පිළිගනී

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය ලෙස අනුපමා රත්නායක මැතිණිය 2024 අගෝස්තු මස 22 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාර ගන්නා ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී ඉසේබ සේවා වනිතා ශාඛාවෙහි උප සභාපතිණි අරුණි චන්ද්‍රසේකර මැතිණිය විසින් පැමිණි ගරු සභාපතිණිය උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව, ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ නව ගරු සභාපතිණිය වන අනුපමා රත්නායක මැතිණිය සිය නිලය භාරගැනීම සංකේතවත් කරමින් ඉසේබ සේවා වනිතා ශාඛාවෙහි සභාපති කාර්යාලයේදී නිල ලේඛනයකට සිය අත්සන තැබුවාය.

ඉන්පසු රෙමඉසේබ නිලධාරි නිවස්නය වෙත නව ගරු සභාපතිණිය කැටුව ගිය අතර එහිදී ඇය ඉසේබ සේවා වනිතා ශාඛාවෙ හි සාමාජිකයින්ගේ රැස්වීමට සිය ප්‍රශංසාව සහ අදහස් ප්‍රකාශ කළාය.

නිලධාරී නිවස්නදී සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයෙන් පසු දවසේ කටයුතු අවසන් විය.