29th July 2024 12:22:01 Hours
හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්ස ගේ 9 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සංචාරයක් පැවැත්වීමේ සුවිශේෂී ගෞරවය හිමි විය. 2024 ජූලි 28 වන දින සිදු කරන ලද මෙම සංචාරය, රෙජිමේන්තුව සඳහා තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කළේ, කර්නල් සේනාවිධායක විසින් නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සමඟ ඔවුන්ගේ මෙහෙයුම් සහ ජයග්‍රහණ පිළිබඳ සෘජු අවබෝධයක් ලබා ගනිමින්.
9 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ජේ කේ එම් ආර් කේ රණසිංහ ඉසේබ විසින්, සියළුම නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සංචාරය කරන ලද කර්නල් සේනාවිධායකතුමන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
සංචාරය ආරම්භ වූයේ කඳවුරු සම්මාන මුරයකින් අනතුරුව ඒකකයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ පරිපාලන කැපවීම පිළිබඳව අණදෙන නිලධාරිගේ සවිස්තරාත්මක විස්තර කිරීමෙනි. අනතුරුව එම ඒකකයේ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර අනතුරුව එතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් පැළයක් ද රෝපණය කෙරිණි.
පසුව, කර්නල් සේනාවිධායක සියළුම නිලයන් අමතා වෘත්තීයභාවයේ වටිනාකම අවධාරණය කළ අතර ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ විනයෙහි ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරන අතර පසුව තේ පැන් පානය කරමින් භට පිරිස් සමඟ සුහස පිළිසඳරක යෙදිණි.
කර්නල් සේනාවිධායක විසින් සෙබළුන්ට පවතින සුබසාධන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කඳවුරු පරිශ්‍රය පරීක්ෂා කිරීමක් සිදු කරන ලදී. 9(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟ කටයුතු කිරීමට ද ඔහු මෙය අවස්ථාවක් කර ගත්තේය.
අවසානයේ, කර්නල් සේනාවිධායක විසින් සංකේතාත්මක අභිනය ලෙස අමුත්තන්ගේ පොතෙහි සමරු සටහන් තැබීය.
ඉංජිනේරු සේවා බලකා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, කර්නල් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී සහ විධායක අධිකාරි රෙමඉසේබ ද මෙම සංචාරයට සහභාගී විය.