Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

16th July 2024 16:21:22 Hours

7 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව බලකායේ කර්නල් සේනාවිධායක සාදරයෙන් පිළිගනී

ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ 15 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි 15 වන දින අතුරුගිරියේ පිහිටි 7 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත නිල සංචාරයක නිරත විය.

7 (ස්වේ) ඉසේරෙ හි අණදෙන නිළධාරී, මේජර් එම් පී එස් නදීශාන් එල්එස්සී ඉසේබ විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගත් අතර, විධිමත් හමුදා සම්ප්‍රදායන්ට අනුව ඇතුල්වීමේ දොරටුව අසලදී කඳවුර සම්මාන මුරයක් ද පිරිනමන ලදී.

පසුව, කර්නල් සේනාවිධායක විසින්, අණදෙන නිලධාරි විසින් පවත්වන ලද ඒකකය හඳුන්වාදීමේ ඉදිරිපත් කිරීම නැරඹූ අතර ඉන් අනතුරුව ඔහු සිය සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළේය.

අනතුරුව, කර්නල් සේනාවිධායක විසින් සියළුම නිළයන් ඇමතීමෙන් පසු, 7 (ස්වේ) ඉසේරෙ වෙත සිය නිල සංචාරය සනිටුහන් කිරීම සඳහා අණදෙන නිළධාරී විසින් කර්නල් සේනාවිධායක වෙත එම ඒකකයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. පසුව ඔහු එම ඒකකයේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයට සහභාගී වෙමින් මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා ඇතුළු සියලු නිලයන් සමඟ සුහද පිළිසඳරක් පැවැත්වූ අතර, ඒකකයේ ප්‍රගතිශීලී වැඩිදියුණු කිරීම් සඳහා මග පෙන්වීමක් ලබා දෙමින් ඔහු කඳවුරු පරිශ්‍රයට ගියේය.

ඒකකයේ ඉතිහාසය සනිටුහන් කිරීම සඳහා කර්නල් සේනාවිධායක විසින් අමුත්තන්ගේ පොතට අත්සන් කිරීමෙන් දිනයේ කටයුතු අවසන් කරන ලදී.

ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පී ද මෙම සංචාරයට එක් විය.