Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

19th July 2024 12:07:56 Hours

ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක 6 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත පැමිණිම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 6 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, වටරැක වෙත 2024 ජූලි 16 වන දින සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

පැමිණි පසු, අණදෙන නිලධාරිණි ලුතිනන් කර්නල් ආර් පී හේරත් ඉසේබ විසින් කර්නල් සේනාවිධායක වෙත උණුසුම් පිළිගැනීමක් පිරිනැමූ අතර හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ‘Drive Pass’ මගින් ආචාර කරන ලදී.

ඉන්පසු කර්නල් සේනාවිධායක වෙත 6(ස්වේ) ඉසේරෙ අණදෙන නිලධාරිණිය විසින් ඒකකය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලද අතර, ඒකකයේ ජයග්‍රහණ, අභියෝග සහ අනාගත ප්‍රයත්නයන් පිළිබඳව දැනුවත් කර පසුව එහි නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයක් ද ගන්නා ලදී.

වැඩසටහනට සමගාමීව කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලද අතර, අනතුරුව කර්නල් සේනාවිධායක විසින් එම ඒකකයේ සියලුම නිළයන් අමතමින් තම වෘත්තීය ජීවිතය තුළ ඉහළම විනය ආරක්ෂා කරමින් වෘත්තීයභාවයේ අගය අවධාරණය කරන ලදී. සිය දේශනය අවසානයේ අණදෙන නිළධාරී විසින් සංචාරයට පැමිණි කර්නල් සේනාවිධායක වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

ඉන්පසු, කර්නල් සේනාවිධායකවරයා තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ අතර එහිදී භට පිරිස් සමඟ සුහද පිළිසඳරක් පැවැත් වූ අතර, අනතුරුව කඳවුරේ පරිපූර්ණ සංචාරයක නිරත වී එම ඒකකය මුහුණ දෙන තත්ත්වයන් සහ අභියෝග සියැසින් දැක බලා ගැනීමට ඔහුට හැකි විය.

සංචාරය පුරාවටම පෙන්නුම් කළ ආගන්තුක සත්කාරය සහ වෘත්තීයභාවය පිළිගනිමින් ඔහු පිටත්ව යාමට පෙර, අමුත්තන්ගේ පොතේ ඔහුගේ ප්‍රශංසා සටහන් කළේ,.

ඉසේබ හි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූ එස් පී මෙම සංචාරයට එක් විය.