Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

23rd May 2024 17:54:00 Hours

මේජර් ජෙනරල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ඉංජිනේරු සේවා බලකායේ 15 වන කර්නල් සේනාවිධායක ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ඉංජිනේරු සේවා බලකායේ 15 වන කර්නල් සේනාවිධායක ලෙස අඟහරුවාදා (මැයි 21) දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාර ගන්නා ලදී.

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පී විසින් පැමිණි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ඉන් අනතුරුව මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිණමන ලද අතර ඉන් අනතුරුව ඉංජිනේරු සේවා බළකායේ මියගිය අභීත රණවිරුවන්ට පුෂ්පෝපහාරයක් වශයෙන් රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තැන්පත් කරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, පැමිණෙන කර්නල් සේනාවිධායක වෙත ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

අනතුරුව, කර්නල් සේනාවිධායක විසින් ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට සිය අත්සන තබා නව තනතුරෙහි නිල වශයෙන් රාජකාරි භාර ගැනීම සනිටුහන් කරමින් ඉංජිනේරු සේවා බළකායේ 15 වන කර්නල් සේනාවිධායක වෙත ආශිර්වාද පළ කළහ. ඉන් අනතුරුව, කර්නල් සේනාවිධායක විසින් ඉංජිනේරු සේවා බළකායේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින් අනතුරුව එම දිනය සිහිපත් කිරීම සඳහා පැළයක් රෝපණය කරන ලදී.

උත්සවයේ විධිමත් ක්‍රියාදාමයට සමගාමීව, කර්නල් සේනාවිධායක විසින් භට පිරිස් ඇමතූ අතර, අනතුරුව ඔහු විසින් භට පිරිස් සමඟ සුහද පිළිසඳරක යෙදුණේ තේ පැන් සංග්‍රහය අතරතුර දීය. අනතුරුව ඔහු ඉසේබ හි නිලධාරීන් අමතා තම පත්වීම පිළිබඳ තම දැක්ම අවධාරණය කරමින් නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රගතියේ වැදගත්කම අවධාරණය කළේය. දිවා ආහාරයෙන් පසු නිලධාරි නිවස්නයේදී සියලුම නිලධාරීන් සමග දිනයේ කටයුතු අවසන් කරන ලදී.