Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

03rd June 2024 13:11:16 Hours

උදිතා පෙරේරා මැතිණිය ඉසේබ සේවා වනිතා සභාපතිත්වය භාර ගනී.

ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ නව ගෞරවනීය සභාපතිණිය ලෙස උදිතා පෙරේරා මැතිණිය 2024 මැයි මස 30 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාර ගන්නා ලදී.

නව ගරු සභාපතිණි උදිත පෙරේරා මහත්මිය, ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු ලේකම් අරුණි චන්ද්‍රසේකර මැතිණිය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ නව ගරු සභාපතිණි උදිතා පෙරේරා මැතිණිය සිය නිලය භාරගැනීම සංකේතවත් කරමින් ඉසේබ සේවා වනිතා ශාඛාවේ සභාපති කාර්යාලයේදී නිල ලේඛනයකට සිය අත්සන තබන ලදී.

අනතුරුව රෙමඉසේබ හි නිලධාරීන්ගේ නිවස්නය වෙත ගරු සභාපතිණිය කැටුව ගිය අතර, ඇය ඉසේබ සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් අමතනු ලැබුවාය.

නිලධාරීන්ගේ නිවස්නයේ සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයෙන් දවසේ කටයුතු අවසන් විය.