Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

21st May 2024 11:10:37 Hours

මේජර් ජෙනරල් ලංකා අමරපාල ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක ධූරයෙන් නික්ම යන ලදී

ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024.05.20 වන දින ඉසේබ කර්නල් සේනාවිධායක ධූරය අත් හරින ලදී.

නික්මයන කර්නල් සේනාවිධායක, ඉසේබ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ, ඉංජිනේරු සේවා බලකායේ ප්‍රධාන දොරටුව අසලදී පිළිගන්නා ලද අතර, අනතුරුව මේජර් ජෙනරාල් ලංකා අමරපාල වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. නික්ම යන කර්නල් සේනාවිධායක වෙත බලකායේ කෘතඥතාව ප්‍රදර්ශනය කිරීම. ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් ලංකා අමරපාල වෙත වර්ණවත් සම්මාන පෙළපාලියක ආචාරය ලබා ගන්නා ලදී. අනතුරුව, නික්මයන කර්නල් සේනාවිධායක විසින් සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින් කර්නල් සේනාවිධායක ධූරයේ රාජකාරි කාලය සනිටුහන් කරමින් "අඹ" පැළයක් රෝපණය කරන ලදී.

ඉන්පසුව, ඔහු සිය කාර්යාලයේ කර්නල් සේනාවිධායක ඉසේබ හි පත්කිරීම නිල වශයෙන් අත්හළේ, අත්සන් තබා ලිපි ලේඛන භාරදීමෙන් සහ සියලුම නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇමතීමෙන් පසුවයි. භට පිරිස් දේශනය අතරතුර, නික්ම යන කර්නල් සේනාවිධායක විසින් කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කරන කාලසීමාව තුළ රෙජිමේන්තු ලබා ඇති ජයග්‍රහණ සිහිපත් කළ අතර, සියළුම නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ වෙහෙස මහන්සිය ඔහු ඇගයීමට ලක් කළේය. ඔහු බනි/සැර නිවස්නය වෙත ගොස් ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් අමුත්තන්ගේ පොතේ ද ඔහුගේ ප්‍රකාශයන් තැබීය.

එදින සවස, හමුදා සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ට අනුව, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී හට උපහාර පිණිස ඉංජිනේරු සේවා බළකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදී සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. “අපි නැවත හමුවන තුරු” යැයි කීමට පෙර ඔහු තම මතකයන් නිලධාරි නිවස්නයේ අමුත්තන්ගේ පොතේ සටහන් කළේය.

ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී, ඉසේබ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.