Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

28th February 2024 00:07:48 Hours

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා සාමාජිකාවෝ අභිමංසල 3 - පාන්ගොල්ල රණවිරුවන්ගේ සුවදුක් විමසීමට යයි

යුධ හමුදා සේවා වනිතා ඒකකයේ මෙහෙයවීම පරිදි ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුරංගි අමරපාල මැතිණියගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ, ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාව බ්‍රහස්පතින්දා (21) දින සුවය ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ අරමුණ ඇතිව 'අභිමංසල-3' පාන්ගොල්ල සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

ඉසේබ සේවා වනිතා ශාඛාවෙහි ගරු සභාපතිණි සුරංගි අමරපාල මැතිණිය ප්‍රමුඛ ඉසේබ සේවා වනිතා ශාඛාවෙහි සාමාජිකාවන් 'අභිමංසල-3' පාන්ගොල්ල හි රණවිරුවන් සඳහා පොදු පරිත්‍යාගයක් ලෙස ‘පහන් වැට’ දෙකක් ද රැගෙන ගියේය.

උත්සවය අවසන් වන විට, ඔවුනොවුන් අතර අදහස් හා අත්දැකීම් බෙදාහදා ගනිමින් තේ පැන් සංග්‍රහයකටද සහභාගී විය. මෙම උත්සවය ප්‍රජා සුභසාධනය සඳහා ඉංජිනේරු සේවා බලකායෙහි කැපවීම ප්‍රදර්ශනය කළා පමණක් නොව, අවශ්‍යතා ඇති අයගේ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා සහයෝගී ප්‍රයත්නවල වැදගත්කම ද අවධාරණය කළේය.

ඉන් අනතුරුව ඉසේබ සේවා වනිතා ශාඛාවෙහි ගරු සභාපතිණිය සහ සහභාගී වූ සියලුම දෙනා සමූහ ඡායාරූපයක් ගෙන සංගීත අංගයකට ද සහභාගී වී අමුත්තන්ගේ පොතට අත්සන් තබමින් මෙම සංචාරය අවසන් කරන ලදී.

මේ සඳහා ඉසේබ සේවා වනිතා ශාඛාවෙහි ගරු සභාපතිණි, උප සභාපතිණි, ජේ‍යෂ්ඨ සාමාජිකාවන්, ලුතිනන් කර්නල් කේඒඒඑස් පෙරේරා ඉසේබ සහ සම්බන්ධීකරණ නිලධාරීණි මේජර් එස්එස්සී චන්ද්‍රතිලක ඉසේබ ද සහභාගී විය.