Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

14th March 2024 16:08:31 Hours

Creators sing along with ‘Marians’ සංගීත රාත්‍රිය

2024 මාර්තු 9 වන දින සවස ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුරංගි අමරපාල මැතිණියගේ මගපෙන්වීම මත සංවිධානය කල Creators sing along with ‘Marians’ සිත් ඇදගන්නා සුළු සංගීත සන්ධ්‍යාවක් රෙමඉසේබ නිලධාරී නිවස්නයේදී පැවැත්වූ අතර, පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම සංගීත සැඳෑව තවත් වර්ණවත් කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඒඑච්එල්ජී අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුරංගි අමරපාල මැතිණියගේ ආරාධනයෙන් මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි ජානකී ලියනගේ මැතිණිය සහභාගී විය.

අනෙකුත් සම්භාවනීය අමුත්තන් අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඩබ්ලිව්එච්කේඑස් පීරිස් ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ දිලූපා පීරිස් මැතිණිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් එම්කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ ෂම්මි ජයවර්ධන මැතිණිය මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ විනය ආරක්ෂාරාධිපති මේජර් ජෙනරාල් ඒසීඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී සහ ප්‍රියන්තිකා ද සොයිසා මැතිණිය ද සහභාගි වූහ.

ඉංජිනේරු සේවා බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ ඔවුන්ගේ කාලත්‍රයන් මෙන්ම ඔවුන්ගේ පවුල් වල හිතවතුන් සහ ඥාතීන් ද සහභාගී වූ මෙම ප්‍රසංගයේ සමාරම්භය සනිටුහන් කරමින් පොල් තෙල් පහනේ දීපශිඛා දැල්වීම ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් සිදු කරන ලදී.

ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන මේරියන්ස් සංගීත කණ්ඩායම සිත් ඇදගන්නා ගායනා හා වාදනයන්ට ඉසේබ නිලධාරින් ද ගීත ගායනා කර ප්‍රසංගය තවත් වර්ණවත් කරන ලදී.

තවද, සංගීත සන්ධ්‍යාවේ උද්යෝගය වැඩි කරමින් දිනුම් ඇදීමක්, නිලධාරීන්, ආරාධිතයන් සහ අනුග්‍රාහකයින් යන කාණ්ඩ තුනක් යටතේ සිදුකර ත්‍යාග පිරිනැමීම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදු කරන ලදී.

අවසන ඉසේබ සේවා වනිතා ශාඛාව Creators sing along with ‘Marians’ ප්‍රසංගයෙහි සාර්ථකත්වයට දායක වූ සැමට හෘදයාංගම කෘතඥතාව පුද කරන ලදී.