Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

13th January 2024 13:02:22 Hours

මේජර් ජෙනරල් ලංකා අමරපාල විසින් විවෘත කරන ලද නව අණදෙන නිලධාරි නිවස්නය සහ භඨ නිවාසය සඳහා මුල්ගල තැබීම

සෙසු නිලයින් සඳහා නව දෙමහල් භඨ නිවාසයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම බ්හ‍රස්පතින්දා (12) දින පනාගොඩ 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු පරිශ්රටයේදී පැවැත්විණි. මෙම ගෞරවනීය අවස්ථාව ඉසේබ හි කර්නල් සේනාවිධායක සහ ශ්රීත ලංකා යුද්ධ හමුදාවේ අධ්ය‍ක්ෂ ජෙනරල් මූලය ව කළමණාකරන මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් සිදු කරන ලදී.

ශ්රීය ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ගේ දැක්මට සමගාමීව සහ සොල්දාදුවන්ගේ සුභසාධනය සහ යහපැවැත්ම ඉහළ නැංවීමේ වැදගත් පියවරක් ලෙස අනෙකුත් නිලයන් සඳහා දිගුකාලීන අවශ්යරතාවයක් වෙනුවෙන් සියළු පහසුකම් සහිත තට්ටු භඨ නිවාස ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිතය.

සොල්දාදුවන්ගේ භඨ නිවාසයට මුල්ගල තැබීමට අමතරව, මේජර් ජෙනරාල් ලංකා අමරපාල විසින් 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අලුතින් නිර්මාණය කරන ලද අණදෙන නිලධාරි නිවස්නය විවෘත කරන ලදී. මෙම උත්සවය 1 ඉසේරෙ හි අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ විසින් මෙහෙයවන ලදී. නිලධාරීන් විසින් තේ පැන් සංග්රනහයකට සහභාගී වෙමින් අර්ථවත් අදහස් හුවමාරු කර ගනිමින් උත්සවය අවසන් විය.

ඉංජිනේරු සේවා අධ්යික්ෂ බ්රි ගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී, ඉසේබ මධ්යිස්ථාන සේනාවිධායක කර්නල් කේඑල් මුණසිංහ යූඑස්පී සහ ජ්යෙ ෂ්ඨ නිලධාරීන් මෙන්ම 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම සුභ අවස්ථාවට සහභාගී වූහ.