Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

04th January 2024 14:40:43 Hours

ඉංජිනේරු සේවා බලකායේ සියලුම සාමාජිකයින්ට ආශිර්වාද කිරීම පිණිස ඉංජිනේරු සේවා බලකාය විසින් ඉස්ලාමීය ආගමික වතාවත් පවත්වනු ලැබීය.

ඉංජිනේරු සේවා බළකායේ 74 වැනි සංවත්සරයට සමගාමීව බළකායේ සාමාජිකයින්ට, ධජයන්ට සෙත් පැතීමට සහ මියගිය රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද ඉස්ලාමීය ආගමික උත්සවය 2023.12.28 වන දින හංවැල්ල ජුම්මා මස්ජිද් පල්ලියේදී පැවැත්විණි.

ලුතිනන් කර්නල් කේටීඑම් ධර්මවර්ධන ඉසේබ, කපිතන්(උපා) ආර්එම්එච්බී රත්නායක යූඑස්පී ඉසේබ සහ සෙසු නිලයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.