Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

24th October 2023 16:22:10 Hours

මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල වෙත සංචාරයක් සිදු කරන ලදී.

මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල හි සේනාවිධායක ලුතිතන් කර්නල් ආර්එම්එස්කේ රත්නායක ඉසේබ විසින්, සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම සංචාරය ආරම්භ වූයේ කදවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව ඒකකයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ පරිපාලන කැපවීම පිළිබඳව සේනාවිධායකගේ දැනුවත් කිරීමෙනි. අනතුරුව පැළයක් සිටුවා සමූහ ඡායාරූපයක් ද ලබා ගන්නා ලදී.

කර්නල් සේනාවිධායක විසින් සෙබළුන්ට පවතින සුබසාධන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් වැඩපල (Creators Forge Section, Generator Repairing Section, RO plant Assemble section, Welding section, Motor Wending Section, LED Light production section) පරීක්ෂා කරන ලදී. ඔහු නිලධාරීන් සහ සෙබළුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ද මෙය අවස්ථාවක් කර ගත්තේය.

අනතුරුව, කර්නල් සේනාවිධායක විසින් සියලුම නිලයන් අමතා මනා විනයක් පවත්වා ගැනීමේ වැදගත්කම, වෘත්තීයභාවය තහවුරු කිරීම සහ දැඩි පුහුණුවක අඛණ්ඩ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී.

ඉංජිනේරු සේවා මධ්‍යස්ථාන සේනාවිධායක, කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී, සහ ඉංජිනේරු සේවා බලකායේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම දින වැඩසටහන සඳහා සහභාගී වූහ.