Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

24th October 2023 16:20:11 Hours

මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට සංචාරය කරන ලදී.

මූල්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ ජනරල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2023 ඔක්තෝම්බර් 24 වන දින පනාගොඩ 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (1 ඉසේරෙ) වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ, සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

කදවුර වෙත පැමිණි කර්නල් සේනාවිධායක තුමන් වෙත කදවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් පසු ඒකකයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ පරිපාලන කැපවීම පිළිබඳව අණදෙන නිළධාරීවරයා විසින් දැනුවත් කිරීමෙන් කදවුරු සංචාරය ආරම්භ කරන ලදී. අනතුරුව පැළයක් සිටුවා සමූහ ඡායාරූපයක් ද ලබා ගන්නා ලදී.

කර්නල් සේනාවිධායක විසින් සෙබළුන්ට පවතින සුබසාධන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කඳවුරු පරිශ්‍රය පරීක්ෂා කිරීමක් සිදු කරන ලදී. ඔහු 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙබළුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ද මෙය අවස්ථාවක් කර ගත්තේය.

පසුව, කර්නල් සේනාවිධායක විසින් සියලු නිලයන් අමතා මනා විනයක් පවත්වා ගැනීමේ වැදගත්කම, වෘත්තීයභාවය තහවුරු කිරීම සහ දැඩි පුහුණුවක අඛණ්ඩ අවශ්‍යතාවය අවධාරණය කළේය.

වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් කර්නල් සේනාවිධායක තුමන් විසින් 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සෙබළුන්ගේ අසරණ දරුවන් වෙත ලිපි ද්‍රව්‍ය ඇසුරුම් බෙදා දෙමින්, ඔවුන්ගේ කැපකිරීම් අගයමින්, 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සිවිල් සේවකයින් වෙත ද යුද හමුදාවට දක්වන නොසැලෙන කැපවීම වෙනුවෙන් ත්‍යාග මල්ලක් ප්‍රදානය කරන ලදී.

ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක, කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී මෙම වැඩසටහනට සහභාගී විය.