Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

10th October 2023 16:10:22 Hours

ඉංජිනේරු සේවා බලකායේ ඉසෙ කුමාර ආර්ජීඩී වෙත යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුරතින් ප්‍රශංසාත්මක ලාංඡනයක් පලදවන ලදී.

2023.04.18 වන දින පස්වරු බූස්ස දුම්රිය ස්ථානයේදී දුම්රියට ගොඩවෙමින් සිටි කාන්තාවකගේ පවුම් 02 ක් පමණ වටිනා ගෙල බැදි රන් මාලයක් සොරකු විසින් කඩාගෙන රේල් පාර දිගේ ඉදිරියට දිව ගොස් ඇති අතර, අදාල කාන්තාව සහාය ඉල්ලා කෑ ගැසූ අවස්ථාවේ ඉංජිනේරු සේවා බලකායේ සෙ/එස්108169 ඉසෙ කුමාර ආර්ජීඩී සෙබලා වහා ක්‍රියාත්මක වී ජීවිත අවධානම නොතකා සොරා පසු පස ලුහුබැද ගොස් සොරා ජීවග්‍රහයෙන් අල්ලාගෙන එම සොරා සහ මාලය අදාල ස්ථානයට පැමිණි රත්ගම පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාර දී ඇත.

මෙම උදාරතර ක්‍රියාව අගයනු වස්, 74 වන යුද්ධ හමුදා දිනය නිමිත්තෙන් පැවති උත්සවයේදී යුද්ධ හමුදාධිපති තුමන් විසින් ප්‍රසංශාත්මක ලාංඡනයක් තත් සෙබලා වෙත පලදවන ලදී.