Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

20th August 2023 00:00:00 Hours

මේජර් ජෙනරල් කේ එම් එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක තනතුරෙන් විශ්‍රාම යාම.

යුද්ධ හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් සපුරා විශ්‍රාම යන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙනුවෙන් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන 2023.08.18 වන දින උත්සවයක් පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි කර්නල් සේනාවිධායක තුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් වයිකේඑස් රංගික යූඑස්පි පීටිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් පිළිගැනීමෙන් පසු එතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

අනතුරුව කර්නල් සේනාවිධායක තුමන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර, පසුව එතුමන් වෙත අලංකාර සම්මාන මුරයක් පිරිනමන ලදී. නිලධාරි සමූහ ඡායාරූපයකට සියළු නිලයින් ඇමතීමෙන් පසු සේනාවිධායක තුමන් කඳවුරෙන් නික්ම යන ලදී.