Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

17th February 2023 11:20:00 Hours

භකාස අණසක මූලස්ථාන ආඥාපති ගේ ඉසේබ කදවුරු සංචාරය

භකාස අණසක මූලස්ථාන ආඥාපති සහ කර්නල් සේනාවිධායක ශ්‍රීලවියාඉ මේජර් ජෙනරල් එස් පී අයි එම් බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ රෙමඉසේබ පාලන පරීක්ෂාව සදහා 2023.02.16 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලදී.

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී භකාස අණසක මූලස්ථාන ආඥාපති සහ කර්නල් සේනාවිධායක ශ්‍රීලවියාඉ මේජර් ජෙනරල් එස් පී අයි එම් බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ‘පෙළ පැදගෙන පසුකරගෙන යාමේ මුරය‘ පිරිනැමීමෙන් පසු කර්නල් සේනාවිධායක ඉසේබ හා අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර ආඥාපති තුමන් පිළිගන්නා ලදී.

ඉසේඅම ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා අණදෙන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් නිලධාරි නිවස්න සාකච්ඡා ශාලාවේ පැවති පාලන පරීක්ෂාවෙන් පසු තේ පැන් සංග්‍රහයකටද සහභාගී වී භකාස අණසක මූලස්ථාන ආඥාපති ඉසේබ සමරු සටහන් පොතෙහි සටහනක් තැබීමෙන් අනතුරුව මෙම කදවුරු සංචාරය සිහිගන්වනු වස් කර්නල් සේනාවිධායක ඉසේබ විසින් සමරු තිළිණයක් ආඥාපති තුමන් වෙත පිරිනමන ලදී.