Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

11th January 2023 11:32:20 Hours

ඉංජිනේරු සේවා බළකාය සිය 73 වැනි සංවත්සරය සමරයි

ඉංජිනේරු සේවා බළකාය සිය 73 වැනි සංවත්සරය 2023 ජනවාරි 10 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අති උත්කර්ෂවත් ලෙස සමරන ලදී. කර්නල් සේනාවිධායක ඉසේබ සහ අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ විසින් පිළිගැනීමෙන් අනතුරුව කර්නල් සේනාවිධායක තුමන් වෙත කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

පසුව ඉසේබ රණවිරු ස්මාරකව වෙත පුෂ්පෝපහාර දැක්වූ ඉසේබ කර්නල් ‍සේනාවිධායක වෙත සම්මාන පෙළපාලියක් පවත්වා අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිට කර්නල් සේනාවිධායක තුමා තේ පැන් සංග්‍රහයකට සහභාගී වී, ඉසේබ නිලධාරි නිවස්නයේ පිහිනුම් තටාකය විවෘත කර, ප්‍රතිසංස්කරණය කරන ලද දෙමහල් ගොඩනැගිල්ල විවෘත කර, බළකායේ ජාතික වෘත්තීය නිපුණතා 3 වන මට්ටමේ සහතිකය හිමි සෙසුනිලයින් වෙත අදාළ සහතික පත් ප්‍රදානය කරන ලදී.

කර්නල් සේනාවිධායක තුමන් සියළු නිල භෝජනාගාරයේදී සියළු නිල දිවා භෝජනයකට සහභාගී වී සියලුම නිලධාරීන් අමතා උත්සවය අවසන් කරන ලදී.මෙම අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන්, නිලධාරිනියන්, බළකා සැරයන් මේජර් ඇතුළු සෙසු නිලයින් සහ සිවිල් සේවක මහතුන් සහභාගී වූහ.