Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

07th January 2023 14:05:15 Hours

සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනා කිරීම සහ දානමය පිංකම

ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව ඉසේබ මියගිය රණවිරුවන් වෙත පුණ්‍යානුමෝදනා කිරීමට සහ ඉසේබ හි සේවයේ නියුතු අයවළුන් හා ලක්වැසියන් හට මෙන්ම ඉසේරෙ ධජයන්ට සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් 2023.01.06 වන දින රාත්‍රී සිට පසුදා පහන්වන තුරු රෙමඉසේබ සියළුනිල භෝජනාගාරයේදී පැවැති අතර, මේ සඳහා සධාතුක කරඬුව හා ගරුතර මහා සංඝරත්නය වැඩවීම අලංකාර පෙරහැරකින් සිදුකරන ලදි. තවද පසුදින ගරුතර මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිරිනැමීමද සිදුකරන ලදි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉසේබ කර්නල් සේනාවිධායක හා අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර සහභාගී වූ අතර, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන් සහ නිලධාරින් බලකා සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින් රැසක් මෙම උත්සව අවස්ථාව සදහා සහභාගී විය.