Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

03rd January 2023 14:14:20 Hours

ඉංජිනේරු සේවා බලකායේ 73 වැනි සංවත්සරයට සමගාමීව පැවති බනි /සැර නිවස්න සාදය

73 වැනි සංවත්සර බළකා දින සැමරුම් උත්සවයට සමගාමීව සංවිධානය කරන ලද ඉංජිනේරු සේවා බලකා බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ සාදය, සේවයේ නියුතු සහ විශ්‍රාමික සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 ජනවාරි 02 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන බනි/සැර නිවස්නයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉසේබ කර්නල් සේනාවිධායක සහ අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර සහභාගි විය. මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, බලකා සැරයන් මේජර් බනි 1 එස්ඒකේ සෝමවීර යූඑස්පී විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් ආරාධිතයින් පිළිගන්නා ලදී.