Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

03rd September 2021 12:17:31 Hours

ඉංජිනේරු සේවා බලකායේ නව නිලධාරි නිවස්නය යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුරතින් 2021.09.02 දින විවෘත වූ වගයි.

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දිගු කාලීන අවශ්‍යතාවයක් ව පැවති නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්න ගොඩනැගිල්ල, කර්නල් සේනාවිධායක ඉසේබ හා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස(මුලතිව්) මේජර් ජෙනරාල් ආර් ගනේගොඩ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්පිල් තුමන්ගේ සුරතින් 2021.09.02 වන දින නිරෝධායන නීති රීති වලට අනුව පැවති උත්සව අවස්ථාවකදී සෙත් පිරිත් මධ්‍යයේ සුභ මොහොතින් විවෘත කරන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදාධිපති තුමන් වෙත පිවිසුම් දොරටුව අසල ‘‘Drive Pass” පිරිනැමීමෙන් පසු කර්නල් සේනාවිධායක ඉසේබ තුමන් විසින් යුද්ධ හමුදාධිපති තුමන් පිලිගැනීමෙන් අනතුරුව සරඹ උපදේශකයින්ගේ පියවර කෝදු සරඹ පෙලපාලියකින් (Pay Stick March) ඉසේබ රණවිරු ස්මාරකය වෙත පැමිණ යුද්ධ හමුදාධිපති තුමන් ඉසේබ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව ඉසේබ නව නිලධාරි නිවස්නය විවෘත කිරීමෙන් පසු තේ පැන් සංග්‍රහයකට සහභාගී වී යුද්ධ හමුදාධිපති තුමන් විසින්, පැමිණීම සනිටුහන් කරනු වස් නව නිලධාරි නිවස්න පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කරන ලදී.

මෙම උත්සව අවස්ථාව ස‍ඳහා ආඥාපති ආසේමු (බටහිර) මේජර් ජෙනරල් ඩී ජී එස් සෙනරත්යාපා ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ එම් එස් කුමාර, මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ බ්‍රිගේඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන් , නිලධාරින් හා නිලධාරිණියන් සහභාගී විය.