Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

02nd February 2018 09:47:28 Hours

5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සිය 21 වන ඒකක දිනය සමරයි.

5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු සිය 21 වන ඒකක දිනය 2018.01.27 වන දින කන්කසන්තුරෙයිහි පිහිටි මුලස්ථාන පරිශ්‍රයේදී සමරන ලදී. අධ්‍යක‍ෂක ජෙනරාල් ඉංජිනේරු සේවා හා කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් කේඒපීෙජ් රත්නායක එල්එස්සී මෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, එතුමන් හට කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු අණදෙන නිලධාරිතුමා වන මේජර් අයිපී හෙට්ටිආරච්චි ඉසේබ තුමන්ගේ ආරාධනයෙන් ප්‍රධාන අමුත්තා විසින් අඹ පැලයක් අඹ පැලයක් රෝපණය කරන ලද අතර, නවතමයෙන් ඉදිකරන ලද ක්‍රියේටර්ස් නිවාඩු නිකේතනයද විවෘත කරන ලදී. සියලූ නිල භෝජන සංග්‍රහයක්, ලොතරයි දිනුම් ඇදීමක් හා සංගීත රාත්‍රියක් ඇතුළු විනෝදාත්මක වැඩසටහන් රාශියක් සංවිධානයක කර තිබුණි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසුනිලයින් හා සිවිල් අයවළුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වන ලදී.