Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

25th September 2023 21:22:56 Hours

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දූ දරුවන් වෙත ප්‍රශ්න පත්‍ර කට්ටල 102 ක් බෙදා දීම.

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ගරු සභාපතිණි සුරංගි අමරපාල මැතිණියගේ පූර්ණ අධීක්ෂණය යටතේ 2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ඉසේබට අයත් අයවළුන්ගේ දූ දරුවන් වෙත ප්‍රශ්න පත්‍ර කට්ටල බෙදාදීම 2023.09.23 වන දින රෙමඉසේබ හිදී පැවැත්විණි.

කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය මිතුරු කැළ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ආදී විද්‍යාර්ථ මිතුරු කැළ, උගත්කම අගයන සකල ශ්‍රී ලංකා වාසී සහ ලෝකවාසී මිතුරු කැළ සමගින් ‘පහට පහක් 2023‘ වැඩසටහනේ සංවිධායක ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් සිදුකරනු ලබන සමාජ සත්කාරයක ප්‍රථිඵලයක් ලෙස ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුරංගි අමරපාල මැතිණියගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉසේබ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ ද සහභාගිත්වයෙන් ප්‍රශ්න පත්‍ර කට්ටල 102 ක් මෙම බලකායට අයත් අයවළුන්ගේ දූ දරුවන් වෙත බෙදාදීමට කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සංකේතවත් කිරීම සදහා ප්‍රශ්න පත්‍ර කට්ටල 06 ක් රෙමඉසේබ හිදී 2023.09.23 වන දින බෙදා දෙන ලදී.