Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

06th May 2024 12:23:52 Hours

මේජර් ජෙනරල් ලංකා අමරපාල ඉංජිනේරු සේවා වෘත්තී පාසල සහ වන්නි ප්‍රදේශයේ අනෙකුත් රෙජිමේන්තු වෙත පැමිණෙයි

අධ්‍යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, ඉංජිනේරු සේවා වෘත්තීය පාසල, 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 9 ඉංජිනේරු සේවා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍ර වෙත බ්‍රහස්පතින්දා දින පැමිණියේය. කර්නල් සේනාවිධායක, ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ සේනාවිධායක සහ ඒ ඒ රෙජිමේන්තු වල අණදෙන නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර බළකායේ විනය ප්‍රදර්ශනය කරමින් කඳවුරු සම්මාන මුර ද පරිණමන ලදී.

ඉංජිනේරු සේවා වෘත්තීය පාසලෙ හි දී, සේනාවිධායක විසින් කර්නල් සේනාවිධායක වෙත වෘත්තීය පාසලේ පාඨමාලා විෂය මාලාව සහ අරමුණු පිළිබඳව දැනුවත් කරන ලදී. පසුව, රෙජිමේන්තු සංචාර වලදී, අදාළ අණදෙන නිලධාරීන් කර්නල් සේනාවිධායක වෙත ඔවුන්ගේ වගකීම් ප්‍රදේශයේ වත්මන් ඉදිකිරීම් ව්‍යාපෘතිවල කාර්යභාරය, කාර්යයන් සහ ප්‍රගතිය පිළිබඳව දැනුවත් කරන ලදී. නිලධාරීන්ගේ සමූහ ඡායාරූපයක් මෙම සංචාරයන් සිහිපත් කරමින් ලබා ගන්නා ලදී. පසුව කර්නල් සේනාවිධායක අඹ පැළයක් රෝපණය කළේය.

අනතුරුව කර්නල් සේනාවිධායක විසින් භට පිරිස් අමතමින් ඔවුන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය අගය කළේය. තවද, ඉසේවෘපා හි ඔහුගේ දේශනය අතරතුර, පුහුණුව සහ සංවර්ධනය සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමේ සහ ඉගෙනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. තේ පැන් සංග්‍රහය අතර තුර කර්නල් සේනාවිධායක සහ පිරිස් සුහද කතා බස් හි නියැළෙන ලදී. පසුව මේජර් ජෙනරාල් ලංකා අමරපාල කඳවුරේ පහසුකම් නැරඹීමට ගියේ රෙජිමේන්තුවේ හැකියාවන් පිළිබඳ සියුම් දැනුමක් ලබා ගනිමිනි.

ඔහුගේ සංචාරය සහ රෙජිමේන්තු ඉතිහාසය තහවුරු කරන සම්ප්‍රදායක් ලෙස අමුත්තන්ගේ පොතට අත්සන් තබමින් කර්නල් සේනාවිධායක සිය සංචාරය අවසන් කළේය. මෙම සංචාරයේදී කර්නල් සේනාවිධායක සමග ඉසේබ හි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී සහභාගී විය.