Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

19th February 2024 19:29:08 Hours

මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී නැවතත් ගෝලීය වශයෙන් බැබළේ

ඔහුගේ විශිෂ්ඨ සේවාව සහ මානව සම්පත් සංවර්ධන සහ නායකත්ව කුසලතා සඳහා වූ දායකත්වය අගයමින් ජූරි සභාව සහ ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ උපදේශක මණ්ඩලය විසින් බ්‍රහස්පතින්දා (15) ඉන්දියාවේ මුම්බායි හි පැවති Global HR Excellence සම්මාන උළෙලේදී 2024 වසර සඳහා "Global HR නායකත්ව සම්මානය" ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්ෂ මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත ප්‍රදානය කරන ලදී.

2024 පෙබරවාරි 15 සිට 17 දක්වා ඉන්දියාවේ මුම්බායි හි පැවති ලෝක මානව සම්පත් කොංග්‍රසයේ 32 වන සංස්කරණයට රටවල් 126 කින් විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් සහභාගී විය.

මේජර් ජෙනරාල් ලංකා අමරපාල ජාතික ආරක්‍ෂක පරිපාලනය, ශාස්ත්‍රීය විශිෂ්ටත්වය, මානව සම්පත් සංවර්ධනය සහ නායකත්වය සම්බන්ධයෙන් යුද්ධ හමුදාවටත් ශ්‍රී ලංකාවටත් ගෞරවයක් සහ පිළිගැනීමක් අත්කර දෙමින් සිය සුවිශේෂී දක්ෂතා සහ කුසලතා ප්‍රදර්ශනය කළ සිව්වැනි අවස්ථාව මෙය වේ.