Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

14th October 2023 16:32:01 Hours

මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 12 වන යුද්ධ හමුදාවේ අධ්‍යක්ෂ ‍ජෙනරල් මූල්‍යල කළමණාකරන ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්බී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2023 ඔක්තෝම්බර් 12 වන දින, යුද්ධ හමුදා මූල්‍ය කළමණාකරණ ශාඛාවේ 12 වන අධ්‍යක්ෂ ජනරල් ලෙස සිය වගකීම් නිල වශයෙන් භාර ගන්නා ලදී.

මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී කර්නල් මූල්‍ය කළමණාකරන විසින් ප්‍රධාන දොරටුව අසලදී උණුසුම් ලෙස පිළිගන්නා ලදී. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද පළකරන අතරතුර මූල්‍ය කළමනාකාරීත්වයේ 12 වැනි අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ලේඛනයකට සිය අත්සන යොදමින් සිය රාජකාරී කටයුතු විධිමත් ලෙස ආරම්භ කළේය.

ඉන් අනතුරුව ඔහුගේ කාර්යාලයේ චාරිත්‍රානුකූල පොල් තෙල් පහනේ දීපශිඛා දල්වා අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා ලේකම් මේජර් ජෙනරාල් එස්ඩබ්එම් ප්‍රනාන්දු ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, විධායක ජෙනරල් මේජර් ජෙනරාල් එස්ආර්බී අලුවිහාරේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, අධ්‍යක්ෂ ජෙනරල් පාබල අධ්‍යක්ෂ මණ්ඩලය මේජර් ජෙනරාල් කේපීඑස්ඒ ප්‍රනාන්දු ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ, මේජර් ‍ජෙනරල් එම්පීකේ මධුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පීඑස්සී, අධ්‍යක්ෂ ජෙනරල් ඉඩම් දේපල හා භඨනිවාස අධ්‍යක්ෂ මණ්ඩලය මේජර් ජෙනරල් එම්පීකේ මධුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ඉංජින්රු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඊඩීඒකේ එදිරිසිංහ, මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී, ඉංජිනේරු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සහ ඉංජිනේරු බලකායේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

ඉන් අනතුරුව, පිළිගැනීමේ තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලද අතර එහිදී නව අධ්‍යක්ෂ ජෙනරල් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මූල්‍ය කළමනාකරණ ශාඛාවේ සහ ඊට අයත් අධ්‍යක්ෂ මණ්ඩලයන්හි අධ්‍යක්ෂවරුන් සහ ශාඛාවේ කාර්ය මණ්ඩලය යුහද සාකච්ඡාවක නියැලිණි. අවසානයේ සියලුම අධ්‍යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලය ඇමතීමෙන් පසු උත්සවය අවසන් විය.