21st August 2024 12:11:06 Hours
ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් කේ ඒ එන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී, ඉංජිනේරු සේවා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක ලෙස 2024 අගෝස්තු 20 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන දොරටුව අසලදී මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පී විසින් පැමිණි කර්නල් සේනාවිධායක වෙත උණුසුම් පිළිගැනීමක් හිමි වූ අතර, අනතුරුව කඳවුරු සම්මාන මුරයක් පිරිණමන ලද අතර, පසුව ඉංජිනේරු සේවා බලකායේ දිවි පිදූ අභීත රණවිරුවන්ට උපහාර දක්වමින් හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව රණවිරු ස්මාරකය අභියස මල් වඩමක් තැන්පත් කරන ලදී.
ආගමික වතාවත් මධ්‍යයේ කර්නල් සේනාවිධායක විසින් නිල ලේඛනයකට සිය අත්සන තැබූ අතර, එය සිය නිලය නිල වශයෙන් පිළිගැනීම සංකේතවත් කරන ලදී. වැඩ භාරගැනීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව උත්සවයට සහභාගි වූ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
ඔහු වැඩ භාරගැනීමෙන් අනතුරුව නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් ඉදිරි දිනවලදී තම සේවා විෂය පථය සහ රාජකාරී පිළිබඳව ඉස්මතු කළේය. පසුව, කර්නල් සේනාවිධායක තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් පැමිණි භට පිරිස් අතර සුහද කතාබහක යෙදිණි. අවසානයේ සියලුම නිලධාරීන් ඇමතීමෙන් උත්සවය අවසන් විය.