Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

28th March 2024 21:45:57 Hours

මේජර් ජෙනරල් ඇන්ටන් විජේන්ද්‍ර (විශ්‍රාමික) ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්එස්සී, ඉංජිනේරු සේවා බලකායේ ‘Diners Club’ හි ප්‍රධාන ආරාධිත කථිකයා ලෙස සහභාගී විය.

ඉංජිනේරු සේවා බළකාය විසින් රෙමඉසේබ නිලධාරී නිවස්නයෙහි සුවිශේෂී උත්සවයක් පවත්වන ලදී. 2024 මාර්තු 26 වන දින, මේජර් ජෙනරාල් ඒඊඩී විජේන්ද්‍ර (විශ්‍රාමික) ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්එස්සී විසින් පවත්වන ලද "Officering in Contemporary Sri Lanka" යන තේමාව කේන්ද්‍ර කරගත් දේශනයක ඉතා හරවත් එකක් විය.

ගෞරවනීය ආරාධිත කථිකයා ඉසේබ කර්නල් සේනාවිධායක සහ අධ්‍යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් නිලධාරී නිවස්න දොරටුව අසලදී මහත් හරසරින් පිළිගන්නා ලදී. සහභාගිවන්නන් අතර සුහදත්වය වර්ධනය කරමින් ප්‍රීතිමත් රාත්‍රී භෝජන සංග්‍රහයකින් අනතුරුව විනෝදාත්මක සැසියක් සමඟ සන්ධ්‍යාව අවසන් විය.

මෙම උත්සව අවස්ථාව සඳහා අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා, බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී, 1 බලකායේ බ්‍රිගේඩියර් (පාලන හා භකාස) බ්‍රිගේඩියර් එන්ඩබ්පීඑස්එම් පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී විය.