Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

11th September 2021 13:31:01 Hours

නුදුරේදි විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී විශ්‍රාම ගැනීමට නියමිත ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ ඉකුත් බදාදා (8) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.


මෙම සුහද හමුවේදී, අතීත මතකයන් පිළිබඳ සිහිපත් කරමින් නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ගනේගොඩ සමග සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන්, වසර 34 ක යුද්ධ හමුදා සේවා කාලය තුළ ඉංජිනේරු සේවා බලකාය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකරමින් දිවයින පුරා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් සිදුකරනු ලබන ඉංජිනේරු සේවාවන්ට අදාළ ව්‍යාපෘතීන් විශාල ප්‍රමානයක් සාර්ථකව නිමකිරීමට විශාල දායකත්වක් දැක්වූ බව සඳහන් කළේය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී වර්ෂ 1987 ජූලි මස 21 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණු අතර, වර්ෂ 2021 සැප්තැම්බර් මස 10 දින යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.


තවද, නුදුරේදී විශ්‍රාමි යාමට නියමිත මේජර් ජෙනරල් ගනේගොඩ යුද්ධ හමුදාව තුළ සහ ඉන් පිටත ඉංජිනේරු සේවා ක්‍ෂේත්‍රය වෙනුවෙන් සිදුකළ සේවය හා කැපවීම අගය කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේජර් ජෙනරල් ගනේගොඩගේ විශ්‍රාම දිවියට සුභපැතුම් එක්කරමින් එතුමන්ගේ අනාගත සැලසුම් සහ බලාපොරොත්තු පිළිබදවද කරුණු විමසා සිටියහ.


විශ්‍රාම දිවියට පාතබන ජ්‍යෙෂ්ඨ නිලධාරි ආඥාපති ඉදිරි නඩත්තු - මුලතිව් තනතුරට පත්වීමට පෙර යුද්ධ හමුදාවේ තනතුරු රැසක් හොඹවා ඇත.


යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ගනේගොඩ සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම පිළිබදව සිය කෘතඥතාවය මෙහිදි පුද කළේය. දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සේවය කර නුඳුරේදි විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශේෂ සමරුතිළිණයක් ද ප්‍රදානය කළේය.


ප්‍රවෘත්ති අනුග්‍රහය www.army.lk