Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

06th February 2024 11:05:41 Hours

නව උසස්වීම් ලැබූ බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී වෙත පනාගොඩ ඉංජිනේරු සේවා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උපහාර උළෙල

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2024 පෙබරවාරි 5 වන දින හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව නව උසස්වීම් ලැබූ බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී හට උපහාර දැක්වීමේ උත්සවයක් පවත්වන ලදී. නව උසස්වීම් ලැබූ බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේදී ප්‍රධාන පිවිසුම අසල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී විසින් නව උසස්වීම් ලැබූ මධ්‍යස්ථාන සේනාවිධායක පිළිගනු ලැබූ අතර, ඔහුගේ උසස්වීම වෙනුවෙන් ප්‍රීතිමත් උපහාර උළෙලක් සංවිධානය කිරීම පිළිබඳව ඔහු රැස්ව සිටි පිරිසට ස්තුතිය පුද කළේය.